Upeksha Swarnamali wants to be a bird

උපේක්ෂාට කුරුල්ලෙක් වෙන්න ආසලු.
පසුගිය සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි ඇගේ "සෙකන්ඩ් චාන්ස්" ගැන පැහැදිලි කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එයින් කිහිපයකි.
ඔබ උපේක්ෂා නොවුනානම් ?
උපේක්ෂා නොවුනානම් ද? එහෙනම් මම මදර් තෙරේසා වනවා.
ඔබ සිංහලයෙක් වුනේ නැත්නම්
එහෙම නැත්නම් මම අනිවාර්යෙන් ඉන්දියන් වනවා
උපේක්ෂා ගැහැනියක් නොවුනානම් ?
මම කුරුල්ලෙක් වෙනවා. ලස්සන අහිංසක පුංචි කුරුල්ලෙක් වෙලා අහසේ හැමතැනම පියාඹනවා
ඇයි උපේක්ෂා කුරුල්ලෙක් වෙන්නේ?
කුරුල්ලන්ට ලොකු නිදහසක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව පියාඹමින් ඉන්න පුළුවන්. පුංචි කුඩුවක් හදාගෙන,බිත්තර දාල ඒවා රැකගෙන කුරුලු පැටව ආදරෙන් බලාගන්න පුළුවන්. හැබැයි මම අහිංසක කුරුල්ලෙක් මිසක රාජාලියෙක් නම් වෙන්නේ නැහැ.
ඔබේ ආගම කතෝලික නොවුනානම්
එහෙනම් මම මුස්ලිම්වරුන්ගේ ආගමට බැඳෙනවා. ඊට පස්සේ ඉස්ලාම් භක්තිකයෙක් වෙලා පාඩුවේ මගේ ආගම අදහාගෙන ඉන්නවා.
ඔබ නිළියක් උණේ නැත්නම් ?
මම හොඳ ගෘහණියක් වෙයි.
ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලුවේ නැත්නම් ?
මට හිතාගන්න බැහැ..එක ඒ වෙලාවේ ගත්ත තීරණයක් නැහැ.
ඔබ විපක්ෂයේ ඉඳල ආණ්ඩුවට නාවානම් ?
විපක්ෂය ඉතින් කරන්නේ ආණ්ඩුවට බනින එකමනේ.එහෙනම් මමත් ඉතින් ඒ පත්තට් වෙලා බොහොම සැරට ආණ්ඩුවට බැණ බැණ ඉඳීවි
ඔබේ නායකයා මහින්ද රාජපක්ෂ නොවුනානම් ?
ඒ ප්‍රශ්නයට තමයි මට සෙකන්ඩ් ඔප්ෂන් එකක් නැත්තේ.මෙහෙමයි මට ඒ කව්ද කියල නාමිකව කියන්න බැහැ.එත් ඊළඟට එන නායකයා දුරදර්ශි රටට ආදරය කරන සෘජු නායකයන් විය යුතුයි.
-පුබුදු හසන්තිකා අරඹවෙල
Source: gossip9

Added date : 2012-03-29




