Marketplace.lk Sri Lankan Online Free Classified Ads
Marketplace.lk Sri Lankan Online Free Classified Ads

New Sri Lankan Gossip News

Ridmaya.com Sri Lankan Sinhala Music Search Engine MP3 | Audio | VideoMarketplace.lk Sri Lankan Classified Ads for FREE LKTunes.com Sri Lanka Music Sinhala MP3 Sinhala Audios Free Music

Hard Talk with Ayodha Dakshika

Hard Talk with Ayodha Dakshika

ඒ දේවල් සතුටින් භාරගන්නවා. . .

පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස මේ දිනවල ඔබ හමුවට පැමිණෙන ඇය සිය රංගන ජීවිතය අරඹන්නේ ළමා රංගන ශිල්පිණියක ලෙසය. 2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවීමට ද ඇය සමත්වූවාය. පි‍්‍රයන්ත සමරකොන්ගේ "බක්මහ සිහිනය" ඒකාංගික ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය රඟසොබා, අනුහස් විජිතය, සිංදුකියන උණ පඳුර, අකුරු තරහ නෑ, මායාරූ, සේසත්හාමිගේ නිධානය, දිය සායම්, ආදර රිද්ම ඇතුළු නාට්‍ය 28 ක් සඳහා පමණ චරිත නිරූපණය කිරීමට අවස්ථාව උදාකරගත්තාය. එමෙන්ම මේ දිනවල විකාශය වන "සිහින පුරය", "සුබා" හා "සිකුරු වසන්තේ" වැනි ටෙලි නිර්මාණ හරහා ද ඇයගේ රංගන ප්‍රතිභාව හඳුනාගැනීමට ඔබට අවස්ථාව හිමිව තිබේ.

ඇය අයෝධ්‍යා දක්ෂිකා. . .

Watch Video : Hard Talk with Ayodha Dakshika

*සම්පූර්ණ නම

ඇල්ලහේවගේ දෝන අයෝධ්‍යා දක්ෂිකා රත්නසිරි

*උපන්දිනය

1992. 07. 22

*ලග්නය

කුම්භ

*උස

අඩි 05

*පදිංචිය

පානදුර

*අධ්‍යාපනය ලැබූ පාසල්

පානදුර ශාන්ත ජෝන් බාලිකා විද්‍යාලය, පානදුර බාලිකා විද්‍යාලය



*ඉතින් අයෝධ්‍යා කොහොමද ජීවිතේ?

හොඳින් ඉන්නවා. කලා කටයුතු නිසා තරමක් කාර්යයබහුලයි. සතුටින් හොඳින් ඉන්නවා.

*මං හිතන්නේ ඔබ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදුන්නේ පසුගිය අවුරුද්දේ. කොහොමද ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු?

උසස් පෙළ විභාගයෙන් පස්සේ මම විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉදිරියේ දී මාධ්‍ය අංශයෙන්ම උපාධිය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

*අධ්‍යාපනය පැත්තෙන් ඔබ කොහොමද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?

මගේ ලොකු හීනයක් තියෙනවා මාධය අංශයෙන්ම ඉදිරියට යන්න. ඒකයි මම ඒ අංශය උපාධිය සඳහා තෝරාගත්තෙත්. මට මුලින්ම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙත් රංගනය පිළිබඳව හැදෑරීමක් ලබමින් සිටි ආයතනයක් හරහායි. මෑතකදී නම් මගේ අධ්‍යාපන කටයුතු එක්ක රංගනය පිළිබඳව හැදෑරීමක් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ඉදිරියේ දී රංගනය ගැන තවදුරටත් හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

*අයෝධ්‍යා, රංගනය හැරුණම ඔබ වෘත්තීය වශයෙන් වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධව හැදෑරීමක් කරනවාද?

මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට කැමතියි. ඉදිරියේදී ඒ ගැන හැදෑරීමක් කරලා ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

*රංගන ශිල්පිණියක් විදිහට දීර්ඝකාලීනව ක්ෂේත්‍රයේ රැඳීසිටීමද බලාපොරොත්තුව?

අනිවාර්යයෙන්ම. මම පුංචි කාලේ ඉඳන්ම ආව මේ ගමන ඉදිරියටත් මම කරගෙන යනවා. රංගනය මගේ මරණය දක්වා කරගෙන යාමයි මගේ බලාපොරොත්තුව.

*අයෝධ්‍යා, ඔබ කොහොමද කලා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගන්නේ. ඒ ගැනත් කතාකරමු?

මම කලාවට පිවිසෙන්නේ 2002 වසරේ දී. ප්‍රියන්ත සමරකෝන් මහතා‍ විසින් පැවැත්වූ රංගනය පිළිබඳ පාඨාමාලාවකට මම සම්බන්ධ වුණා. එහිදී ඔහුගේ පළමු ටෙලි නාට්‍යය වුණු "බක්මහේ සිහිනය" නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා මාව තෝරාගත්තා. ඒ ටෙලි නාට්‍යයෙන් තමයි මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ. නමුත් ඒ නාට්‍යය අද වනතුරු තිරගත වුණේ නෑ. පසුව අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ "සින්දු කියන උණ පඳුර" ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණා. එය මගේ දෙවන ටෙලි නාට්‍යය. නමුත් ඒ නාට්‍යය තමයි මුලින්ම විකාශය වුණේ. ඒ නාට්‍යය සඳහා මට 2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ "හොඳම ළමා නිළිය" සම්මානය ලැබුණා.

*කලා ක්ෂේත්‍රයේ වැඩ කරන අතරතුරදි ලබපු අමතක නොවන අත්දැකීමක් ගැන මතක්කළොත්?

අමතක නොවන අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් මං කලාව වෙනුවෙන් කැපකළා. මම වැඩිවිය පත්වුණෙත් ටෙලි නාට්‍යය රූගත කිරීමකට සම්බන්ධ වෙලා ඉඳිද්දි. නමුත් ටෙලි නාට්‍යය නිසා මම ඒ වෙනුවෙන් උත්සවයක්වත් පැවැත්වුවේ නෑ. පහුවෙනිදාම නැවතත් රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. කලාව සම්බන්ධව ගත්තොත් එය මගේ ජීවිතයේ අමතකම නොවන අත්දැකීමක්.

*රංගනය තුළ ඔබ විසින් පනවාගත් සීමා මායිම් තිබෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම. මම නිර්මාණ භාරගන්නේ මගේ චරිතයට හානියක් නොවෙන්නයි. ඕනම කෙනෙක් තමන්ට පනවාගත් සීමාවක් තියෙනවා. වැඩිහිටියන්ට පමණක් වූ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න මගේ කිසිසේත්ම අදහසක් නෑ. හොඳ නිර්මාණවලට දායකවෙනවා. මගේ චරිතයට හානි නොවන ඕනෑම චරිතයක් මම භාරගන්නවා.

*අයෝධ්‍යාගේ පවුලේ සාමාජිකයින් ගැනත් මේ වෙලාවේ මතක්කළොත්?

මගේ පවුලේ මමයි, අම්මායි, තාත්තායි විතරයි. තාත්තා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. අම්මා රූපලාවන්‍ය කටයුතු කරනවා.

*යොවුන්වියේ සිටින තරුණියක් විදිහට ඔබ ආදරය සහ විවාහය දකින්නේ කොහොමද?

ආදරය සුන්දරව වින්ඳොත් අතිශයින්ම සුන්දරයි. එක් එක් අය ආදරය කරන විදිහ වෙනස්. ආදරය කරන්න නම් ඔහු හෝ ඇය තමන්ව හොඳින් තේරුම්ගත් කෙනෙක් වෙන්න ඕන. මගේ පෞද්ගලික අදහස නම් විවාහවෙන්න ඕනෙ ආදර සම්බන්ධතාවයක් මතයි. ආදරය අතිශයින් සුන්දර දෙයක්. මම තවම ඒ ගැන හිතලා නෑ. මොකද මෑතකදී තමයි මගේ පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වුණෙත්. ඉදිරියේ දී හොඳ කෙනෙක් හම්බුණොත් හිතලා බලනවා.

*අයෝධ්‍යා, බලාපොරොත්තු වෙන්නේ මොනවගේ සහකරුවෙක්ද කියලා ඇහුවොත්?

කලාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. උගත්කම ගැනත් බලනවා. ඒ වගේම සුරා සූදුවෙන් තොර කෙනෙක්ම වෙන්න ඕනේ. හැඩරුව ගැන විශේෂයෙන් සලකන්නේ නෑ. හිත හොඳ නම් ඒ ගැන තමයි මුලින්ම බලන්නේ.

*සාමාන්‍ය ජීවිතයේ අයෝධ්‍යා දක්ෂිකා කියන්නේ මොනවගේ කෙනෙක්ද?

මම හැමකෙනෙක් එක්කම මිත්‍රශීලී කෙනෙක්. ගොඩක් සංවේදියි. ඕනම කෙනෙක්ට කරදරයක් වුණු වෙලාවට උදව් කරන හිත හොඳ චරිතයක්.

*ඔබ විවේකය ගතකරන්න කැමති කොහොමද?

‍විවේකයක් ලැබුණොත් මම ගොඩක් වෙලාවට සින්දු අහනවා. එහෙම නැත්නම් චිත්‍රපටි නරඹනවා.

*ක්ෂේත්‍රයේ වැඩකරද්දි ඔබට යම් යම් සිත් රිදවීම්වලට මුහුණදෙන්න සිද්ධවුණු අවස්ථා නැද්ද?

මෑතකදී නම් ඒ වගේ අත්දැකීමකට මුහුණදෙන්න සිද්ධවුණා. මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. දැන් එය විකාශය වෙලත් මාස කිහිපයක් වෙනවා. එහි අධ්‍යක්ෂවරයාමයි නාට්‍යය නිෂ්පාදනය කළෙත්. නාට්‍යය සඳහා පොරොන්දු වූ මුදල සම්බන්ධ ගිවිසුම පසුව ඔහු වෙනස් කරලා තිබුණා. එයින් මට වගේම තවත් ශිල්පීන් කිහිපදෙනෙකුටම අසාධාරණයක් වුණා. ඒ ගැන පසුව ඔහුගෙන් විමසුවාම කිව්වා දැන් ඒ ගැන කරන්න දෙයක් නෑ කියලා. පසුව හොයලා බැලුවම දැනගත්තා ඔහු ගිවිසුමත් වෙනස් කරලා කියලා. එහිදී ක්ෂේත්‍රය ගැන මට ලොකු සිත් රිදීමක් ඇතිවුණා. කටකතා ගැන කතාකළොත් මට තවම කටකතාවක් හැදිලා නෑ. නමුත් පාසල් ජීවිතයේ දී මට එවැනි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවුණා. රඟපානවා කිව්වම අමුතුම කෝණයකින් බලන්නේ. ඒ නිසාම පාසල ඇතුළේ යම් යම් කටකතා ගොඩනැගුණා. එහෙම අවස්ථා නම් තියෙනවා. ම‍ගේ ළඟින් හිටපු මිත්‍රයෝ පවා මට විවිධ දේවල් කිව්වා. ඒත්, කා එක්කවත් මං තරහක් ඇතිකරගන්නේ නෑ. මං ඒ දේවල් සතුටින් භාරගන්නවා.

*පාසලෙන් ඔබේ කලා කටයුතුවලට මොන වගේ සහයෝගයක්ද ලැබුණේ?

2002 වසරේ මම ක්ෂේත්‍රයට පිවිසෙද්දි අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ජෝන්ස් බාලිකා විද්‍යාලයේ. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මම පානදුර බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. රූගත කිරීම්වලට සහභාගිවෙද්දි අතපසු වුණු වැඩ කටයුතු කරගන්න මට ගුරුවරියන් ගොඩක් උදව් කළා. විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ විදුහල්පතිවරිය අමරා නන්දනී මහත්මිය. මගේ හෙවනැල්ල වගේ ඉඳලා හැමදේකටම මට උදව් කළේ මගේ අම්මයි තාත්තායි.

*ක්ෂේත්‍රයේ ඔබට සිටින සමීපතමයින් කවුද?

ක්ෂේත්‍රයේ ප්‍රතිභා හෙට්ටිආරච්චි, හර්ෂණ බෙත්මගේ, සුලෝචනා වීරසිංහ සහ විශ්ව මල්ලි යන අයව මම ගොඩක් ළඟින් ඇසුරු කරනවා‍.

*අනාගත බලාපොරොත්තු සහ සිහින?

මම දිගටම රංගනයේ යෙදෙනවා. ඒ වගේම උපාධිය අධ්‍යයන කටයුතුවලින් පසු කිසියම් මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙනවා. මම මේ වනවිටත් මාධ්‍ය නාලිකාවක නිවේදන කටයුතු කරනවා. නිවේදනය පැත්තෙන් ඉදිරියට යන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. මගේ උපාධිය හොඳින් අවසන් කිරීමයි දැනට මට තියෙන ලොකුම බලාපොරොත්තුව.

*කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම් අපිට අයෝධ්‍යාව කුමන ක්ෂේත්‍රයක් තුළින් දැකගන්න ලැබෙයිද?

මම හිතනවා එහෙම වුණා නම් මම නීතිඥවරියක් වෙයි කියලා. ඒ සම්බන්ධවත් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. දැන් මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න නිසා මේ ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යන එක හොඳයි කියලා හිතනවා.

Source : adaderana.lk

Hard Talk with Ayodha Dakshika

Hard Talk with Ayodha Dakshika

Hard Talk with Ayodha Dakshika

Hard Talk with Ayodha Dakshika

Hard Talk with Ayodha Dakshika

Hard Talk with Ayodha Dakshika

Hard Talk with Ayodha Dakshika

Hard Talk with Ayodha Dakshika

Added date : 2012-04-11

tags Hard Talk with Ayodha Dakshika adaderana.lk sinhala.adaderana.lk

Add comments to this article using your Facebook account